Impartial news reporting for a stronger democratic society
බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන්  ඉවත් වන බව ජනපතිට කියයි

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසූෆ්  සිය ධුරයෙන්  ඉවත් වීමට තීරණය කැර ඇති බව ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතාට මේ වන විට දැනුමු දී තිබේ.  ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම යන දෙකම එකවර දැරීම අපහසු බවත්, එබැවින් ආණ්ඩුකාරධුරයෙන් ඉවත්ව විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස වගකීම ඉටුකිරීම උදෙසා සිය කැමැත්ත ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසූෆ්  මහතා දැනුම් දී තිබේ. 
නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා සුදුසු අනුප්‍රාප්තිකයකු පත්කරන තෙක් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවයි.
විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කැර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා සිය ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කැර ගනිමින්, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට දරන ස්වේච්ඡා තනතුරේ හිඳ කටයුතු කිරීම සිය අරමුණ බවද හෙතෙම  සිය ලිපියෙන් දන්වා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp