Impartial news reporting for a stronger democratic society
ප්‍රධාන ජලාශ18 ක් සහ මධ්‍යම ජලාශ 18 ක් වාන් දමයි : ගංවතුර අවදානමක් නැහැ – අඩු පීඩන ප්‍රදේශය පිටතට යයි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

වැසි සහිත කාලගුණය ලිහිල් වීමත් සමඟ ගෙවී ගිය පැය 24 තුළ  ගංගා ද්‍රෝණිවල ජල මට්ටම පහත වැටෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා, ගිං, කළු (මිල්ලකන්ද හැර) සහ අත්තනගලු ඔය ගංගාවල  මෙම තත්ත්වය  දැකිය හැකි බව ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර පැවසීය.

කෙසේ වෙතත්, ඉදිරි දිනවලදී තද වැසි නැවත පැමිණෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කැර ඇති බැවින් එය තාවකාලික විය හැකි බව ඔහු අනතුරු ඇඟවීය.

වර්තමානයේ, ප්‍රධාන ජලාශ 73 න් 18 ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18 ක් වාන් දමන මට්ටමේ පවතින අතර, ජලය මුදා හැරීම හේතුවෙන් ප්‍රධාන ගංවතුරක් ඇති වීමේ අවදානම සූරියබණ්ඩාර ප්‍රතික්ෂේප කරයි.

මේ අතර, දැදුරු ඔයේ සියලුම වාන් දොරටු ඊයේ (14) පෙ.ව. 7.00 වන විට වසා දැමූ බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන ප්‍රදේශයක් ක්‍රමයෙන් දුර්වල වී ඉදිරි පැය 36 තුළ ඉවත් වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එහි බලපෑම හේතුවෙන් දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝමීටර 25 ත් 35 ත් අතර තද සුළං ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ රළු තත්ත්වයන්, පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර සුළං සහ මීටර් දෙකේ සිට 2.5 දක්වා උසකින් යුත් රළ ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp