
යාපනයේ චෙම්මනි සමූහ මිනීවළෙන් මේ වන විට පුද්ගලයින් 259 දෙනෙකුට අයත් ඇටසැකිලි කොටස් සොයාගෙන ඇති බව අනාවරණය වෙයි.
මැයි 07 වැනි දා සිදු කළ තුන්වන අදියරේ කැණීම්වලින් ගොඩ ගන්නා ලද බොහෝ ඇටසැකිලි කොටස් ළමයින්ගේ බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වී.එස්. නිරන්ජන් පැවසීය.
එසේම, එම ස්ථානයෙන් ගොඩගත් විවිධ අයිතම 14 ක් මුළු සංඛ්‍යාව 96 ක් බවට පත් කරමින් අධිකරණයට භාර දී ඇති බව ඔහු පැවසීය.
මන්නාරමේ සමූහ මිනීවළෙන් පසු රටේ දෙවැනි විශාලතම සමූහ මිනීවළේ තුන්වන අදියර කැණීම් අප්‍රේල් 27 වැනි දින ආරම්භ වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 21 ක අරමුදල් ලබා දෙන ලදී.
අධිකරණ වෛද්‍ය පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය ජේඑම්ඕ සෙල්ලයියා ප්‍රණාවන්ගේ අධීක්ෂණය යටතේ එහි කැණීම් පසුගිය වසරේ මැයි 15 වැන දින ආරම්භ විය.
