
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇත්තේ හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ගේ නිවෙස තුළ දී බවට අනාවරණය වී ඇත.
මේ බව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කැර තිබේ. කොළඹ 03, කොල්ලුපිටිය, පේද්‍රිස් පාර, අංක 37 ලිපිනයේ පිහිටි නිවෙසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය සොයා ගැණිනි.
මෙම නිවෙසේ දෙවැනි මහලේ කාමරයක් තුළ මෙම මරණය සිදුව ඇති අතර, එම කාමරයේ ඇතුළතින් පිහිටා ඇති නාන කාමරයට ඇතුළු වන දොරෙහි රෙදි පටියක් සිරකර ඇති ආකාරයක් දැකිය හැකි වී ඇති අතර, දොර අසළ පුටුවක් ඇති අතර මරණකරු බිම ඉදගෙන පුටුව මත හිස තබාගෙන සිටි ආකාරය නිරීකශනය වී ඇත. මරණකරුගේ ගෙලෙහි කැඩී වෙන්වී ගිය රෙදි පටියක කොටසක් තිබී ඇත. එය දොරෙහි හිරකර ඇති පටියේ කොටසක් බවට නිරීක්ශනය වන බව පොලිස් ‘බී’ වාර්තාවේ සඳහන් කරයි.
මරණකරු අංක 196433810075 දරණ ජාතික හැදුනුම්පත හිමි අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි කපිල චන්ද්‍රෙස්න යන අය බවට හදුනාගනු ලැබූ බවද පොලිස් බී වාර්තාවේ දැක්වේ.
අපරාධ ස්ථානය අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන්, ඇගිලි සටහන් කාර්යාලයේ නිළධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිළධාරීන් කැදවා පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර පොලිස් නිළ සුනඛ කොට්ඨාශයේ නිල සුනඛයන් ගෙන්වා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර මෙම මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සදහා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරමින් පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද, නැතහොත් යම් සාහසික ක්‍රියාවකින් සිදු කරන ලද මරණයක්ද යන්නට අනාවරණය කර ගැනීම සදහා විමර්ෂනයක් සිදු කරන අතර එකී විමර්ෂන කටයුතු සදහා මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.
මේ වන විට මෘත ශරීරය ඇති අංක 37, පේදිරිස් පාර, කොළඹ 03 ලිපිනයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කර මෘත ශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂනයක් සිදු කර මරණයට හේතුව ගරු අධිකරණයට වාර්ථා කිරීමටත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට මරණකරුගේ බිරිඳ වන අංක අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන අයට මුදවා හැරීමට නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
( Source- The Leader)
සබැඳි පුවත් :
SriLankan හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී !
Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
බලහත්කාරයෙන් ගත් කටඋත්තරයක්ද? කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසමේ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති කතාව
