Impartial news reporting for a stronger democratic society
ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට

ඉන්දුනීසියාවේ  ජකර්තා නුවරට ආසන්නයේ  සිදු වූ දුම්රිය අනතුරින් 20කට ආසන්න පිරිසක් මිය ගොස් තවත්  84 දෙනෙකු  බරලතළ තුවාල ලබා ඇති බව විදේස් මාධ්‍ය සඳහාන් කරයි.

කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව  අනාවරණය වෙයි.

අනතුරේ දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාවන් සඳහා පමණක් වෙන් වු  මැදිරියක  බැවින් මියගිය සියලු දෙනා කාන්තාවන් වන බවද විදෙස් මාධ්‍ය සඳහාන් ‌ කෙළේය.

අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සීමා කිරීමට සිදු වු බව ඉන්දුනිසියාවේ බලධාරීන් කියති.

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ අඟහරුවාදා උදෑසන බෙකාසි හි රෝහලකට ගොස් තුවාල ලැබූවන් බලා ඇති අතර, රජය වෙනුවෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කළ බවත්, මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වූ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ඉන්දුනීසියාවේ ගොඩබිම් ප්‍රවාහන අනතුරු බහුලව දක්නට ලැබෙන අතර 2024 වසරේදී ද බටහිර ජාවා ප්‍රදේශයේ සිදුවූ දුම්රිය ගැටුමකින් සිව් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීය.

Follow by Email
LinkedIn
Share
WhatsApp