
ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.
මියයන විට ඒ මහතා 90 වැනි වියේ පසු වුණි.1936 වසරේ මැයි මාසයේ දී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඒ මහතා, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හයවැනියායි.ගොඩගේ ප්‍රකාශන ආයතන ආරම්භ කිරිමෙන් පසු නව ලේඛකයන් රැසක් සමාජයට හඳුනා දීමට ගොඩගේ මහතා කටයුතු කෙළේය.අවසන් කටයුතු සෙනසුරාදා බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.
