Impartial news reporting for a stronger democratic society
සටන් විරාමය ක්‍රියාත්මක වෙද්දී ඊශ්‍රායලය ලෙබනනයට බොම්බ දමයි ! ලෙබනන වැසියන් 14 ක් මරුට – 37කට තුවාල

සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව මාධ්‍ය සඳහාන් කරයි.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබුණේ මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි.
පවතින සටන් විරාමය නොතකා ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ නගර හතක වැසියන්ට වහාම ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබුණි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළෙකු ද මියගොස් ඇති බව ඊශ්‍රායලය තහවුරු කැර ඇති අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ  කෙළේ තම රටේ සහ සොල්දාදුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩිව ක්‍රියා කරන බවයි.

මෙවන් පසුබිමක ඊශ්‍රායලය සටන් විරාමය උල්ලංඝනය කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නතර නොකරන බව හිස්බුල්ලා සංවිධානය අවධාරණය කැර ඇත.

මුලාශ්‍ර :

Israeli strikes kill 14 in Lebanon amid ongoing ceasefire

Israeli strikes kill 14 in Lebanon as Israel warns residents to leave towns beyond ‘buffer zone’

Lebanon health ministry says Israeli strikes kill 14 in deadliest day since ceasefire began

( aruna)


Follow by Email
LinkedIn
Share
WhatsApp