
ඊසානදිග ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ඊයේ (20) රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
ඒ අනුව ඉවාට්, අමෝරි සහ හොක්කයිඩෝ ප්‍රාන්තවල මීටර් 3 (අඩි 9.84) ක් තරම් උස සුනාමියක් ඇති විය හැකි බවට මේවන විට අනතුරු ඇඟවීමක් සිදු කැර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
භූමිකම්පාවේ කේන්ද්‍රය පැසිෆික් සාගරයේ සිදු වූ අතර, එය කිලෝමීටර 10 ක් ගැඹුරු බව සඳහා වේ.
ජපානයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් මෙම භූමිකම්පාව ‘5වැනි මට්ටමින් ඉහළ’ ලෙස වර්ගීකරණය කැර ඇත.
