Impartial news reporting for a stronger democratic society
බොස්ටන් මැරතන් තරගය අද :  6 වැනි  වරටත් ගාමිණී සුගතදාස  සහභාගි වෙයි

වසර 130 ක් පැරණි සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) තරගයක් වන බොස්ටන් මැරතන් තරගය අද (20) ඇමරිකාවේ Massachusetts ප්‍රාන්තයේ බොස්ටන් නගරයේදී ආරම්භ වේ .

2026 වසරේ පවත්වන 130 වැනි තරගය මෙය වෙයි. මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස වයස අවුරුදු 55- 59 කාණ්ඩ අංශයෙන් තරග කරනු ලැබේ. එම වයස් කාණ්ඩය සඳහා තරග කරුවන් 3800කට අධික පිරිසක් සභාගී වේ. සමස්ථ තරගය සඳහා තිස්දහසකට අධික තරගකරුවන් මේ සදහා ඉදිරිපත් වේ. මෙම තරගය සදහා ඉදිරිපත් වීමට හැකියාව පවතින්නේ මුලික පරිසාධන මට්ටම ඉක්මවු තරගකරුවන් සදහා පමණි. 

මෙම බොස්ටන් මැරතන් තරගය සෑම වසරක අප්‍රේල් මස තුන්වැනි සදුදා දින පැවත්වේ . එයට හේතුව ලෙස අමෙරිකාවේ දේශප්‍රේමීන්ගේ දිනය වීමයි.  Massachusetts ප්‍රාන්තයට අප්‍රේල් මාසයේ තුන්වැනි සඳුදා නීත්‍යානුකූල නිවාඩු දිනයක් වෙයි. එය 1775 දී  Lexington  සහ  Concord හි අමෙරිකානු විප්ලවයේ පළමු සටන සිහිපත් කරනු ලබන ඓතිහාසික සිදුවීමකි. එදිනට Massachusetts ප්‍රාන්ත වැසියන් වීදිවලට බැස මෙම මැරතන් තරගය සඳහා සහයෝගය ලබා  දෙයි.

සමීර මදුසංක හේවා ගමගේ  

Follow by Email
LinkedIn
Share
WhatsApp