Impartial news reporting for a stronger democratic society
 ඉරා­න­යෙන් පිට­වන සහ ඇතු­ළු­වන නෞකා අමෙ­රි­කානු නාවික හමු­දා­ව අව­හිර කිරීම වග­කීම් විර­හිත ක්‍රියාවක් – චීන විදේශ අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි

ඉරා­න­යෙන් පිට­වන සහ ඇතු­ළු­වන සියලු නෞකා අමෙ­රි­කානු නාවික හමු­දා­වෙන් අව­හිර කිරීම වග­කීම් විර­හිත සහ අති­ශය බර­ප­තළ සිදු­වී­මක් බව චීන විදේශ අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

අමෙ­රි­කාව සහ ඉරා­නය අතර පව­තින සටන් විරා­මය ඉන් තව­දු­ර­ටත් අව­දා­න­මට ලක්වනු ඇතැයි ද චීන විදේශ අමා­ත්‍යාං­ශය සඳ­හන් කැර තිබේ. ඉරා­න­යට සිය න්‍යෂ්ටික අර­මුණු අත්හැ­රී­මට සහ හෝමූස් මුහුදු තීරය නිද­හස් කිරී­මට බල කිරීමේ අර­මු­ණින් එරට වරා­යන් අව­හිර කිරි­මට පිය­වර ගත් බව අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කැර තිබූ අතර, එම අව­හි­ර­තාව හේතු­වෙන් ඉරා­න­යෙන් වැඩිම බොර­තෙල් ප්‍රමා­ණ­යක් මිලදී ගන්නා චීනය හෝමූස් විවෘත කිරිම සඳහා ඉරා­න­යට බල­පෑම් කරනු ඇතැයි අමෙ­රි­කාවේ විශ්වා­සය වූ බව ද සඳහාන් වේ.

එසේ වුවද ඉදිරි සති කිහි­පය ඇතු­ළත ඉරා­න­යට නව ගුවන් ආර­ක්ෂණ පද්ධති සැප­යී­මට චීනයේ සූදා­න­මක් පව­තින බවට එරට බුද්ධි අංශ සැක පහළ කර ඇතැයි අමෙ­රි­කානු මාධ්‍ය  සඳහාන් කරයි. එය අමෙ­රි­කාව සහ ඉරා­නය අතර පව­තින අවි­නි­ශ්චිත සටන් විරා­මය තව­දු­ර­ටත් අව­දා­න­මට ලක් කිරි­මක් බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp