Impartial news reporting for a stronger democratic society
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහර දීම හෙළා දකිනවා : අමෙරිකාව සමඟ සාම සාකච්ඡා  පැවත්වීමෙන් පළක් නැහැ ! – ඉරානය කියයි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව පහර දිම නිසා සටන් විරාම සාකච්ඡාවලින් ඉරානය ඉවත් වූ බව  ටෙහේරාන් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.

 පසුගිය ඉරිදා (19) ඕමාන් බොක්කේදී, ඉරාන  භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ටවුස්කා ට අමෙරිකාව පහර දීමත් සමඟ පකිස්තානයේ ඉස්ලාම්බාත් නුවරදී ඊයේ (20)පැවත් වීමට සැලසුම් කැර තිබු සටන් විරාම සාකච්ඡා බිඳ වැටි ඇති බව අනාවරණය වෙයි.

අමෙරිකා නාවික හමුදාව නිකුත් කළ  නැවැත්වීමේ නියෝගවලට කීකරු ‌ නොවීම නිසා, පසුව නෞකාවේ එන්ජින් කාමරයට පහර දී එය අක්‍රිය කළ බව අනාවරණය වෙයි. ඉන්පසු, අමෙරිකා එක්සත් ජනපද මැරීන් භටයින් නෞකාව පාලනය කැර එහි භාණ්ඩ පරීක්ෂා කිරීමට පටන් ගත්තා පමණක් නොව, නෞකාවේ කාර්යය මණ්ඩලය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහාන්ය.

 මෙම සිදුවීමෙන් පසු,  සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ සටන් විරාම සාකච්ඡාවලින් ඉරානය ඉවත් වී ඇති බව මේ වන විට අනාවරණය වෙයි.

පකිස්තානයේ ඉස්ලාම්බාත් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරන්නේ, ඉරානය සාම සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම සඳහා පකිස්තාන රජය විශේෂ උත්සහයක් ගනිමින් සිටින බවයි. සාම සාකච්ඡා මේසයට  පයින් ගසා සටන් විරාමය කැඩු ට්‍රම්ප්ගේ රජය සමඟ යළිත්  සාකච්ඡා කිරීම අනුවන ක්‍රියාවක්  යැයි ඉරානය ප්‍රකාශ කරන බව Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කැර සිටි.

Follow by Email
LinkedIn
Share
WhatsApp