Impartial news reporting for a stronger democratic society
ලුණු ලේවායක් හදන්න වන්නියේ ඉඩම් පෞද්ගලික සමාගමකට දෙන්න සූදානමක් ? මහවැලි සංවර්ධන අධිකාරියට චෝදනා

වන්නියේ පෞද්ගලික ඉඩම් ලුණු ලේවායක් ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන අධිකාරියට මේ වන  විට චෝදනා එල්ල වී තිබේ.

විරෝධතා පැවතීමට අමතරව, ජනතාව සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයින් ආණ්ඩුවේ බලධාරීන්ට මෙම කාරණය  ගැන කරුණු මතු කර ඇත.

කොක්කුතුඩුවායි හි දෙමළ ජනතාවට අයත් යැයි කියනු ලබන අක්කර 50 ක ඉඩමක් අධිකාරිය අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් තම විරෝධතාව ප්‍රකාශ කිරීම සඳහා ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දම් උමාමහේෂ්වරන් හමුවී තිබේ.

ඔහුගේ පැත්තෙන්, ප්‍රාදේශීය ලේකම්වරයා මාර්තු 10 වැනි දින අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවමින්, අදාළ ඉඩමේ අයිතිය පැහැදිලි කරන තෙක් වැඩ කටයුතු අත්හිටුවීමට නිර්දේශ කෙළේය.

මිනින්දෝරු දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වූයේ අදාළ ඉඩම තුළ පෞද්ගලික ඉඩම් මෙන්ම තණබිම් ඇති ස්ථානය මැනුම් දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙන බවයි.

මාර්තු 12 වැනි දින අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රවිහරන් ද තම කාරණය අවධානයට යොමු කෙළේය.

මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස  ඇමැතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

රැස්වීමට සහභාගී වූ මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරියකු ඇමැතිවරයාට දැනුම් දුන්නේ, වැලිඔය ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ රැස්වීම ඇතුළුව ලුණු ලේවාය ආරම්භ කිරීම සඳහා නිල අනුමැතිය ලබාගෙන ඇති බවයි.

එතෙක් ඉඩම්වල පෞද්ගලික අයිතිය පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, ඕනෑම හිමිකම් පෑමකට අධිකාරියට පැමිණිලි කළ හැකි බවත් එම නිලධාරියා පැවසීය.

Follow by Email
LinkedIn
Share
WhatsApp