
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ ජමාටි ඉස්ලාමි පක්ෂය අතර තියුණු මැතිවරණ සටනක් මේ වන විට පවතින බව එරට සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
බංග්ලාදේශ මහමැතිවරණය තව නොබෝ දිනකින් පැවැත් වීමට නියමිත අතර හිටපු අගමැතිනි ශෙයික් හසීනාගේ ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු පළමුවරට පැවැත් පවත්වනු ලබයි.
අවාමි ලීග් ආණ්ඩු යටතේ පනවනු ලැබූ තහනම අන්තර්වාර ආණ්ඩුව ඉවත් කිරිමෙන් පසු ජමාටි ඉස්ලාමි පක්ෂය මැතිවරණ වේදිකාවට පිවිසී සිටින අතර, අභාවප්‍රාප්ත හිටපු අගමැතිනිය කලිඩා සියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ඇගේ පුත්‍රයා වන තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත්වී සිටි. පක්ෂ දෙක අතර බලය අත්කර ගැනීමේ තියුණු සටනක් මේ වන විට නිර්මාණය වී ඇතැයි බංග්ලාදේශයේ සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
සිය පක්ෂය බලයට පත්වුවහොත් එරට ආර්ථිකය සහ වෙළෙඳ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කරන බවට ජාතිකවාදී පක්ෂය ප්‍රකාශ කැර ඇතැයි ද, ජමාටි ඉස්ලාමි පක්ෂය බලයට පත්වුවහොත් එරට ඉස්ලාමීය රජයක් බිහිවීමේ පසුබිමක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි කරුණක් බව විචාරකයන් පෙන්වා දෙයි. කෙසේ වුවත් ජමාටි ඉස්ලාමි පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ෂරියා නීතිය ක්‍රියාත්මක කරන බව දැනටමත් එම පක්ෂයේ ඇතැම් අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කිරීමෙන් එරට කාන්තාවන් අතර අප්‍රසාදයක් පළවී ඇත. තවත් අපේක්ෂකයන් පිරිසක් ඊට විරුද්ධව අදහස් පළ කිරීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු සහගත තත්ත්වයක් මතු වී ඇති බව අනාවරණය වී තිබේ.
