Impartial news reporting for a stronger democratic society
මහජන බැංකුවේ වසර  3ක ප්‍රේෂණ දෝෂයක් හෙළි වෙයි : එහි වටිනාකම රුපියල් මිලියන 656 ක්

රජයට අයත් මහජන බැංකුවේ විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතු කොට ගෙන සමහර ගනුදෙනුකරුවන්ට ඔවුන්ට හිමිවිය යුතු ප්‍රමාණයට වඩා වැඩිපුර මුදල් ගෙවා ඇති බවත්, ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 656 ක් පමණ බවත් එම බැංකුව අනාවරණය කැර තිබේ.

නිල නිවේදනයක් නිකුත් කරමින් බැංකුව පැවසුවේ, 2023 මැයි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විනිමය අනුපාත පරිවර්තන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඇතැම් ගනුදෙනුකරුවන්ට නියමිත ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ලැබුණු බවයි.

එතැන් සිට දෝෂය සම්පූර්ණයෙන්ම නිවැරදි කැර ඇත.

ගැටලුව හඳුනාගත් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන සහ අධීක්ෂණ බලධාරීන්ගේ උපදෙස් අනුව වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව බැංකුව පැවසීය.

මහජන බැංකුව පැවසුවේ දෝෂයේ මූල්‍ය බලපෑම අදාළ කාල සීමාව තුළ එහි මූල්‍ය ප්‍රකාශනවල දැනටමත් ගිණුම්ගත කැර ඇති බවත්, එයින් අදහස් වන්නේ එහි ගිණුම්වලට තවදුරටත් බලපෑමක් අපේක්ෂා නොකරන බවත්ය.

අදාළ ගනුදෙනුකරුවන්ගෙන් වැඩිපුර ගෙවන ලද මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතින බවයි.

තම දෛනික මෙහෙයුම්, ඩිජිටල් බැංකු සේවා සහ පාරිභෝගික සහාය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවට බැංකුව ගනුදෙනුකරුවන්ට සහ කොටස්කරුවන්ට සහතික විය.

රුපියල් ට්‍රිලියන 3.8 ක පමණ වත්කම් ඇති ආයතනයක් ලෙස, මෙම සිදුවීම එහි මූල්‍ය ස්ථාවරත්වයට, ලාභදායීතාවයට හෝ පාරිභෝගික තැන්පතු වල ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොකළ බව එහි සඳහන් විය.

Follow by Email
LinkedIn
Share
WhatsApp