Impartial news reporting for a stronger democratic society
2000 වසරේ මාර්තුවේ සිට මේ දක්වා  ත්‍රස්ත­වාදී ක්‍රියාවලින් 72,000ක් පාකි­ස්තා­නයේ මිය­ගියන් – දකුණු ආසි­යානු ත්‍රස්ත­වාදී දත්ත ආය­ත­නය කියයි

2000 වසරේ මාර්තුවේ සිට මේ දක්වා පාකි­ස්තා­නයේ ත්‍රස්ත­වාදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතු­වෙන් 72,000කට වැඩි පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි දකුණු ආසි­යානු ත්‍රස්ත­වාදී දත්ත ආය­ත­නය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වම්න් Cyber World Press සඳහාන්  කරයි.

දකුණු ආසි­යාව පුරා සිදු­වන ත්‍රස්ත­වා­දය සහ කැර­ලි­කාර සිදු­වීම් සම්බ­න්ධව තොර­තුරු රැස් කරන මේ ආය­ත­නය නිකුත් කළ එම දත්ත­ව­ලට අනුව මිය­ගිය අය අතර සිවිල් වැසි­යන් 23,000ක්, ත්‍රස්ත­වා­දීන් හෝ කැර­ලි­ක­රු­වන් 38,000ක් සහ ආර­ක්ෂක අංශ සාමා­ජි­ක­යන් 11,000කට වැඩි පිරි­සක් සිටින බව වාර්තා වේ.

ජාත්‍ය­න්තර ප්‍රති­පත්ති අධ්‍ය­යන ආය­තන සහ විශ්ලේ­ෂ­ණා­ත්මක වාර්තා පෙන්වා දී ඇත්තේ මේ විශාල ජීවිත හානි­යට හේතුව පාකි­ස්තා­නය ත්‍රස්ත­වාදී කණ්ඩා­යම් සම්බ­න්ධව අනු­ග­ම­නය කරන දිගු­කා­ලීන ප්‍රති­ප­ත්තිය බවය. ජාත්‍ය­න්තර බෘකින්ස් ආය­ත­නය සඳ­හන් කර ඇත්තේ පාකි­ස්තා­නයේ ආර­ක්ෂක අංශ වසර ගණ­නා­වක සිට සිය උපා­ය­මා­ර්ගික අර­මු­ණු­ව­ලට ගැළ­පෙන ත්‍රස්ත­වාදී සංවි­ධාන පෝෂ­ණය කිරීම සහ රාජ්‍ය­යට සෘජු තර්ජන එල්ල කරන ත්‍රස්ත­වාදී සංවි­ධාන මැඬ පැවැ­ත්වීම සඳහා කට­යුතු කර­මින් සිටින බවය.

කලා­පීය ආර­ක්ෂාව මත පද­නම්ව නිර්මා­ණය කර ඇති මේ ත්‍රස්ත­වාදී ක්‍රම­වේ­දය මඟින් පාකි­ස්තා­න­යට භූ දේශ­පා­ල­නික බල­පෑ­මක් ලබා­ගැ­නී­ම­ටත්, එහි කලා­පීය උපා­ය­මා­ර්ගික අර­මු­ණු­ව­ලට සහය වීම­ටත් හැකි­යාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එහෙත් ඉන් ඇතැම් ත්‍රස්ත­වාදී සංවි­ධාන රාජ්‍ය පාල­න­යෙන් ඔබ්බට වර්ධ­නය වීමත් සමඟ බලා­පො­රොත්තු නොවූ දිගු­කා­ලීන අහි­ත­කර ප්‍රති­වි­පාක ඇතිවූ බව පර්යේ­ෂ­ක­යන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරන බව Cyber World Press වාර්තා කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp