
හෝමූස් මුහුදු තීරයට ඇතුළුවන ඕනෑම අමෙරිකානු නෞකාවකට පහර දෙන බවට ඉරාන නාවික හමුදාව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නිල භාරකරු ඉරානය බවත්, එරට ආරක්ෂක හමුදාවේ අවසරයකින් තොරව එම මුහුදු තීරය තරණය කිරිමට කිසිදු නෞකාවකට ඉඩ නොමැති බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කළ බව Cyber World Press සඳහාන් කරයි.
වෙළෙඳ නෞකා සහ නෞකා සමාගම් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරිම සඳහා ඉරාන රජයේ නිසි බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතු බවද ඔහු ප්‍රකාශ කැර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ හිමිකාරීත්වය ඉරානය සතු බවට පිළිගන්නා ඕනෑම රටකට අයත් නෞකාවකට ඉරාන රජය සමඟ සම්බන්ධ විය හැකි බවත්, අමෙරිකාවේ හෝ කිසිදු විදේශිය හමුදාවකට හෝමූස් මුහුදු තීරයට ඇතුළුවීමට අවසර නොදෙන බවත් ඉරාන ආරක්ෂක හමුදාව දිගින් දිගටම අනතුරු අඟවා තිබේ. ඉරාන හමුදාව හෝමූස් මුහුදු තීරයේ ආරක්ෂාව වෙනුවෙන් කුඩා වර්ගයේ සබ්මැරින භාවිත කරමින් සිටින බවත්, හෝමූස් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළුවන නෞකාවලට ටෝපිඩෝ ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවත් වැඩිදුරටත් අනාවරණය වේ.

