
සවුදි අරාබියට එල්ල වන හවුති ඩ්රෝන සහ මිසයිල ප්රහාර ඉහළ යෑම හේතුවෙන් එරට සිටින අත්යවශ්ය නොවන අමෙරිකානු රාජ්යතාන්ත්රිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම රටින් පිටවන ලෙස අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නියෝග කැර ඇතැයි Cyber World Press වාර්තා කරයි. සවුදි අරාබියේ පවතින දැඩි ආරක්ෂක අවදානම හමුවේ රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ද විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කැර ඇති බවය.
යේමනයේ උද්ගත වී ඇති සිවිල් යුද්ධයත්, සවුදි අරාබිය ඇතුළු මිත්ර හමුදාව එරට හවුති ඉලක්ක වෙත ගුවන් ප්රහාර සිදු කිරීමත් හේතුවෙන් දෙපාර්ශ්වය අතර තවදුරටත් ගැටුම් උත්සන්න වනු ඇතැයි අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කැර තිබේ.
පෙරේදා සහ අද දිනයේදී පමණක් හවුති කැරලිකරුවන් අවස්ථා 5 කදී සවුදි අරාබියට ප්රහාර එල්ල කැර ඇති අතර, එම ප්රහාරවලින් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් ඇති බවත්ළ මේ සංඛ්යාව වැඩි විය හැකි බව Cyber World Press වාර්තා කරයි . හවුති කැරලිකරුවන් මේ වන විට සවුදි අරාබියේ නෞකාවලට බාබ් අල් මැන්ඩේබ් සමුද්ර සන්ධිය හරහා යාත්රා කිරීම අවහිර කැර ඇති අතර, එය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් ඇතැයි අනාවරණය වෙයි.
