
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත පසුගිය දා ඉදිරිපත් කැර තිබේ.
සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීම ගැන අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඉහළ නිලධාරියකුගෙන් Cyber World Press විශේෂ නියෝජිත විමසුවිට හේ පවසා ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගෙන සිටින සැකකරුවන් සඳහා අවශ්‍ය වන, සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවක් සඳහා සුරේෂ් සලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බවයි.
පරීක්ෂණයෙන් පසු සලේ මහතා රැඳවුම් භාරයට පත් කළ අතර, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය අවට දැඩි ආරක්ෂාව යොදවා තිබු බව අනාවරණය වෙයි.
