
බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිරගත කැර ඇති වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝව ජනාධිපතිවරණයට පෙර නිදහස් කිරීමට අමෙරිකාව සුදානමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි Cyber World Press වාර්තා කරයි.
වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolás Maduro) අමෙරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2026 ජනවාරි 3 වැනිදාය.
වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් (Caracas) හිදී අමෙරිකානු හමුදා සිදු කළ හමුදා මෙහෙයුමකදී මදුරෝ සහ ඔහුගේ බිරිය සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන යනු ලැබිණි.

පසුගිය ජනවාරි 5වැනි දා මදුරෝ නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයට හමුවට ඉදිරිපත් කැර චෝදනා ගොනු කළ අවස්ථාවේ තමන් නිවැරදිකරු බව මදුරෝ ප්‍රකාශ කැර ඇති බව ද වාර්තා වෙයි.
මෙම අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර නීතිය සහ රාජ්‍ය ස්වෛරීභාවය සම්බන්ධයෙන් විශාල ජාත්‍යන්තර මතභේදයක් ඇති කිරීමට හේතු විය.

