
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන චමින්ද දිල්රුක් නොහොත් “පරෙයි සුදා” සහ ‘දිප්පිටිගොඩ ළහිරු නොහොත් ”මැගියා” ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි අනාවරණය වෙයි.
ලංකාව තුළ සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවීම, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම (මුහුදු මාර්ගයෙන් සහ වෙනත් ක්‍රම මගින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම සහ බෙදාහැරීම) , ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම (නීති විරෝධී ක්‍රියා මගින් රටේ සාමය සහ ආරක්ෂාව බරපතළ ලෙස කඩ කිරීම) ආදී චෝදනා රාශියක් ‘පරෙයි සුදා’ සහ ”දිප්පිටිගොඩ ළහිරු’ වෙත එල්ලවී ඇතැයි පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පොලිස් මුලස්ථානය මේවනවිට කටයුතු කරමින් සිටින බව සඳහාන් වේ.
මේ වන විට ඩුබායි ආරක්ෂක අංශ එරට සැඟව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කැර ඇත. ඒ අනුව මොවුන් දෙදෙනාට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා බරපතළ අපරාධවලට සම්බන්ධය යැයි සැකකෙරෙන පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහාන් වෙයි.
මේඅතර ඩුබායි පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැකකෙරෙන රංජිත් කුමාර නොහොත් ‘කොණ්ඩ රංජි’ නැමැත්තා මෙරට රැගෙන එම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු ඩුබායි වලට ගොස් ඇත.
