Impartial news reporting for a stronger democratic society
විදේශීය විශේෂඥයන් 50දෙනකුට චීන රජයෙන් ‘මිත්‍රත්ව සම්මානය’!

විදේශීය විශේෂඥයන් 50දෙනකුට 2026 වසරේ චීන රජය ‘මිත්‍රත්ව සම්මානය’ පිරිනමා  ඇති බව  Cyber World Press වාර්තා කරයි.

චීනයේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා ඇති අනාවරනය වෙයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin පසුගියදා (30) බිජිංහි පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මානලාභී විශේෂඥයින්ට සුබ පැතුම් එක් කළාය. චීන ආර්ථිකය මේ වන විට නවෝත්පාදනය මත පදනම් වූ උසස් තත්ත්වයේ වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව ඇය එහිදී පැවසුවාය. ලෝක ආර්ථිකයට අවශ්‍ය ස්ථාවරත්වය ලබාදීමට එය දායක වන බව ද ඇය සඳහන් කැර ඇත.

චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත්, චීනය සහ අනෙකුත් රටවල් අතර මිත්‍රශීලී හුවමාරු හා සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් විදේශීය විශේෂඥයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඇය අවධාරණය කළාය. චීන ජනතාව සමග එක්ව වඩා යහපත් අනාගතයක් ගොඩනැගීමට තවත් විදේශීය විශේෂඥයින්ට චීනය වෙත පැමිණ කටයුතු කරන ලෙස ද Shen Yiqin ආරාධනා කළාය.

චීනය තුළ දිගුකාලීන හා ස්ථාවර වෘත්තීය සංවර්ධනයක් අපේක්ෂා කරන විදේශීය විශේෂඥයින් සඳහා සහයෝගය ලබා දෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Follow by Email
LinkedIn
Share
WhatsApp