Impartial news reporting for a stronger democratic society
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බටහිර ගාසාවේ මහල් නිවාසයකට බරපතළ හානි: පුද්ගලයන් 5ක් මියගොස් 7කට බරපතළ තුවාල

ඊශ්‍රායලය එල්ල කළ  ගුවන් ප්‍රහාරයකින් බටහිර ගාසා නගරයේ මහල් නිවාසයකට  බරපතළ ලෙස  හානි සිදු වී  පුද්ගලයන් පස්දෙනකු මියගොස් තවත් හයදෙනකු බරපතළ තුවාල ලබා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද (03) අලුයම රිමාල් ප්‍රදේශයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ කොටසකට දැඩි හානි සිදුව ඇති බවත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්කා වෙයි.

මියගිය පිරිස අතර කාන්තාවන් සිව්දෙනකු සිටින බවත්, ඔවුන් අතර ක්‍රිස්තියානි මවක් සහ ඇගේ දියණියක් සිටින බවත් වාර්තා වී ඇත . තුවාල ලැබූවන් අල්-ෂිෆා රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇත .

ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාවෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කැර නොමැති බව රොයිටර් පුවත් සේවය උපුට දන්වමින් Cyber World Press වාර්තා කරයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ ගාසා තීරයේ පවතින සටන් විරාමය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් පවතින පසුබිමකයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp