
බ්රසීල ජනාධිපති මැතිවරණයෙන් නැවතත් ලූලා ද සිල්වා ජය ලබා ඇති අතර, එම ජයග්රහණය දකුණු අමෙරිකාවේ සහ ලතින් අමෙරිකාවේ දේශපාලනයට ශක්තියක් සපයන බව Cyber World Press සඳහාන් කරයි.
ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ (Run-off election) ඡන්ද විමසීමෙන් වත්මන් වාමාංශික ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) ජයග්රහණය කිරීම විශේෂත්වයක් බව විදේස් මාධ්යය වාර්තා කැර තිබේ.
බ්රසීලයේ සිටින Cyber World Press වාර්තාකරු පෙන්වා දෙන්නේ, බ්රසීල මැතිවරණ අධිකාරිය (Superior Electoral Court) විසින් නිකුත් කරන ලද නිල ඡන්ද ප්රතිඵලවලට අනුව, ලූලා ද සිල්වා ප්රකාශිත ඡන්ද සංඛ්යාවෙන් 51.7%කට ආසන්න ප්රතිශතයක් ලබා ගැනීමට සමත් වු බවයි. ඔහුගේ ප්රධාන ප්රතිවාදියා වූ දක්ෂිණාංශික සෙනෙට් සභික ෆ්ලේවියෝ බෝල්සනාරෝ (Flavio Bolsonaro) ලබා ගත්තේ 48.3%ක ඡන්ද ප්රතිශතයක් බව වාර්තා වෙයි.
ජනාධිපතිවරණයේ පළමු වටයේදී ෆ්ලේවියෝ බෝල්සනාරෝ ඉදිරියෙන් සිටියද, දෙවැනි වටයේදී සංවිධානාත්මකව ඡන්ද පදනම ඉහළ නංවා ගැනීමට ලූලා ද සිල්වා සමත් විය. මීට පෙර 2002, 2006 සහ 2022 වසරවලදී ද බ්රසීල ජනාධිපති ධුරයට තේරී පත්වූ ලූලා, මෙම ජයග්රහණයත් සමඟ බ්රසීල දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් වු බව Cyber World Press වාර්තා කැර තිබේ.
80 වැනි වියෙහි පසුවන ලූලා ද සිල්වා ඉදිරියේ ආර්ථික අභියෝග මෙන්ම, පාර්ලිමේන්තුවේ පවතින දැඩි දක්ෂිණාංශික බහුතරය හමුවේ ප්රතිපත්ති සම්මත කැර ගැනීමේ දී දේශපාලනික අභියෝග රැසකට මුහුණ දෙන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන් , ඇමසන් වනාන්තරය සහ ස්වභාවධර්මය ආරක්ෂා කැර ගැනීම සඳහා ඔහු සතු සමාජවාදී දැක්ම සහ ඒ වෙනුවෙන් ඔහු දක්වන කැපවීම මුළු ලෝකයටම අත්යවශ්ය වීමත්, සූරාකෑම මත පදනම් වූ ආර්ථික ක්රමයක් වෙනුවට, මානුෂීය සමාජ-වෙළෙඳපොළ ආර්ථික ප්රතිපත්ති ක්රියාත්මක කිරීම තුළින්, බ්රසීලය ලොව ප්රබලතම ආර්ථිකයන් 8 අතරට ගෙන ඒමටත්, එරට පවතින දරිද්රතාවය දුරු කිරීම ඔහු ඉදිරියේ ඇති අභියෝග බව Cyber World Press තවදුරටත් වාර්තා කැර තිබේ.
