
ගාසා තීරයේ බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවලින් නිපදවන සියලුම භාණ්ඩ ආනයනය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කැර ඇති බව Cyber World Press වාර්කා කරයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතූ විදේශ ලේකම් එඩ් මිලිබෑන්ඩ්, ඊශ්‍රායලය නීති විරෝධි ලෙස අත්පත් කැරගෙන සිටින බටහිර ඉවුරේ පලස්තීනුවන් ඉවත් කිරීමේ අමානුෂික ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කැර ඇති අනාවරණය වෙයි. බලහත්කාරයෙන් අත්පත් කැරගෙන සිටින බටහිර ඉවුරේ වේගයෙන් ව්‍යාප්ත වන ඊශ්‍රායල ජනපද නීති විරෝධි බව බ්‍රිතාන්‍යයේ නිල ප්‍රතිපත්තිය ලෙස යළි තහවුරු කැර ඇතියි ලන්ඩන් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි
පසුගිය වසරේදී බ්‍රිතාන්‍යය පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගැනීමෙන් පසු එරට රජය ගනු ලැබූ වඩාත්ම වැදගත් විදේශ ප්‍රතිපත්තිමය තීරණය මෙය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලයට ආයුධ අලෙවි කිරීම සම්බන්ධයෙන් ද වඩාත් බරපතළ සීමා පනවන බවත් මිලිබෑන්ඩ් ප්‍රකාශ කර තිබේ.
