Impartial news reporting for a stronger democratic society
දින 30ක් ඇතුළත ජෙරු­ස­ලමේ බ්‍රිතාන්‍ය කොන්සි­යු­ලර් කාර්යා­ලය වසන්නැයි ඊශ්‍රා­ය­ල­යෙන් නියෝග

ට­හිර ඉවුරේ ඊශ්‍රා­යල ජනා­වා­ස­ව­ලට එරෙ­හිව බ්‍රිතාන්‍ය රජය පන­වනු ලැබූ සම්බා­ධ­ක­ව­ලට ප්‍රති­චාර දක්ව­මින් ජෙරු­ස­ලමේ පිහිටි බ්‍රිතා­න්‍යය කොන්සි­යු­ලර් කාර්යා­ලය වසා දැමී­මට තීර­ණය කළ බව ඊශ්‍රා­යල විදේශ ඇමැති ගිඩි­යොන් සාර් ප්‍රකාශ කැර තිබේ.

දින 30ක් ඇතු­ළත කොන්සි­යු­ලර් කාර්යා­ලය වසා දමන ලෙස ඊශ්‍රා­ය­ලය බ්‍රිතා­න්‍ය­යට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඊට අම­ත­රව බ්‍රිතාන්‍ය පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු 12 දෙන­කුට ඊශ්‍රා­ය­ල­යට ඇතු­ළු­විම ද තහ­නම් කිරී­මට පිය­වර ගත් බව ඊශ්‍රා­යල විදේශ ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එය හඳුන්වා ඇත්තේ බ්‍රිතාන්‍ය රජ­යට එරෙ­හිව සිදු ­ක­රන ප්‍රති­චා­ර­යක් බවය. අමෙ­රි­කාවේ මූලි­ක­ත්ව­යෙන් ගාසා තීරයේ ක්‍රියා­ත්මක වන සම්බ­න්ධී­ක­රණ මෙහෙ­යු­මට සහ­භාගි වීමට බ්‍රිතා­න්‍ය­යට තව­දු­ර­ටත් ඉඩ නොදෙන බවත් ඊශ්‍රා­යල විදේශ ඇමැ­ති­ව­රයා තර්ජ­නය කැර තිබේ. එමෙන්ම ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව කට­යුතු කරන හෝ ඒ සඳහා සූදා­නම් වන වෙනත් රට­ව­ලට එරෙ­හිව ද එවැනි ප්‍රති­චාර දක්වන බවත් ඔහු අන­තුරු අඟවා තිබේ. ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව කට­යුතු කරන ඕනෑම රට­කට එරෙ­හිව ඊශ්‍රා­ය­ල­යත් දැඩි පිය­වර ගන්නා බව විදේශ ඇමැති ගිඩි­යොන් සාර් සඳ­හන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp