
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් අධ්යක්ෂවරයාගේ අධීක්ෂණය, අණදීම හෝ පාලනය යටතට පත් නොවන වෙනත් බාහිර පොලිස් විමර්ශන අංශයක් වෙත තමන්ගේ විමර්ශන කටයුතු සහ රැඳවුම් ස්ථානය මාරු කරන ලෙස ආණ්ඩුව නිල වශයෙන් පොරොන්දු වන තෙක් සිය ‘මාරාන්තික උපවාසය’ (Fast-unto-death) කිසිසේත් අත් නොහරින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර තිබේ.

රැඳවුම් භාරයේ පසුවෙමින් මාරාන්තික උපවාසයක නිරතව සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු සුරේෂ් සලේ මහතා රෝහල් ඇඳේ සිට මෙම අතිශය තීරණාත්මක කොන්දේසිය දැන්වු බව ඔහුගේ නීතිඥවරයා අද (08) මාධ්‍ය වෙත අනාවරණය කළේය.
කොන්ත්‍රාත් පදනම මත සේවය කරන CID අධ්යක්ෂවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන්ට සහ පවුලේ අයට විනාඩි 15 බැගින් වූ සීමිත කාලයක් සලේ හමුවීමට අවසර ලැබී තිබේ. එහිදී නීතිඥවරයා උපවාසය අත්හරින ලෙස කළ දැඩි බලපෑම් සලේ ප්‍රතික්ෂේප කැර ඇති අතර, මෙවැනි ඉල්ලීම් තමන් වෙත ඉදිරිපත් නොකරන ලෙස සිය බිරියට ද දන්වන්නැයි නීතිඥවරයාට උපදෙස් දී ඇත.
CIDය හදිසියේම කොටුව උසාවියට යයි!
මේ අතර, සුරේෂ් සලේ ඊයේ (07) රාත්‍රියේ අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත්, ඔහු මේ වන විට දැඩි ආරක්ෂක රැකවල් මැද නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ නිල වශයෙන් දැනුම් දුන්නේය.
CIDය හදිසි මෝසමක් ගොනු කරමින් මෙම කරුණු වාර්තා කළ අතර, සලේගේ ඉදිරි වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවද එහිදී ප්‍රකාශ කෙරිණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානියා, CIDය තුළ තමන්ට සිදු වන බව කියන අමානුෂික වදහිංසාවලට එරෙහිව මෙම උපවාසය ඇරඹූ අතර, එය දැන් රජයේ විමර්ශන ව්‍යුහයම ප්‍රශ්න කරවන දේශපාලන – නීතිමය සටනක් දක්වා පරිවර්තනය වී වර්ධනය වී තිබේ.
විමර්ශන ආයතනවල ස්වාධීනත්වයට හානි නොකර, සැකකරුවකුගේ අයිතිවාසිකම් මත ගොඩනැඟී ඇති මෙම අර්බුදයේ ඊළඟ තීන්දුව ලබන ජුනි 10 වැනිදා කොටුව අධිකරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
(Source- The Leader)
