Impartial news reporting for a stronger democratic society
පාකිස්තාන ආරක්ෂක හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි කල්ලියක් බලුකිස්තානයේ නිවාස රැසක් ගිනි තබලා

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ පිහිටි නුෂ්කි කාසියාබාද් නගරයේ නිවාස රැසක්  සන්නද්ධ කණ්ඩායම් ගිනි තබා විනාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 එම සන්නද්ධ කණ්ඩායම් පාකිස්තාන ආරක්ෂක හමුදා නිල ඇඳුමට  සමාන නිල ඇඳුමක් ඇඳ  සිටි බව නුෂ්කි නගරවාසීන්  පවසති.

පාකිස්තාන හමුදා සෙබළුන් ඉලක්ක කරමින් බලුකිස්තානයේ අඛණ්ඩව සිදුවන ප්‍රහාරවලට සම්බන්ධ වූවන් සොයා පසුගියදා සිදු කැර ඇති වැටලීමකදී එම ගිනි තැබීම් සිදුවී ඇතැයි ද, ආරක්ෂක හමුදාවට එරෙහිව ප්‍රහාර සිදු කරන බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ නිවාස ඉලක්ක කැර ඇතැයි ද බලුකිස්තාන මානව හිමිකම් සංවිධාන චෝදනා කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා  කරයි.

එම සිදුවීමට වගකිවයුතු පුද්ගලයන් ආරක්ෂා කිරීමට බලුකිස්තාන පොලීසිය සහ ප්‍රාදේශීය පරිපාලනය කටයුතු කරන බවට ද චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ගිනිබත් වූ නිවාස සහ පිලිස්සී ගිය ගෘහ භාණ්ඩ සුන්බුන් ඇතුළත් වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇති අතර, ගිනි තැබීම් සහ පහරදීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නගරවාසීන් ප්‍රාන්ත බලධාරින්ගෙන් ඉල්ලීමක් කැර ඇතැයි ද වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp