Impartial news reporting for a stronger democratic society
පාකි­ස්තා­නයේ කරච්චි නුවර HIV  ආසා­දිතයන් 130ක්! බහු­ත­ර­යක්ම කුඩා දරු­වන්

පාකි­ස්තා­නයේ කරච්චි නුවර රජයේ රෝහ­ලක ඇතිවූ රෝග ව්‍යාප්ති­යක් හේතු­වෙන් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 130 දෙන­කුට HIV  ආසා­ද­නය වී ඇති බව  අල් ජසීරා පුවත් සේවය  උපුට දක්වමින්  Cyber World Press වාර්තා කරයි.

එම ආසාදිතයන්ගෙන් බහු­ත­ර­යක්ම කුඩා දරු­වන් බවද වාර්තා වේ. කරච්චි නුවර සෞඛ්‍ය බල­ධා­රීන් සඳ­හන් කැර ඇත්තේ පසු­ගිය සති කිහි­පය ඇතු­ළත ආසා­දි­ත­යන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර­යෙන් ඉහළ ගොස් ඇති බවත්, සින්ද් ප්‍රාන්තයේ සේවක සමාජ ආර­ක්ෂණ ආය­ත­නය මඟින් පාල­නය වන කුල්සුම් බායි වලීකා රෝහල සහ ඒ අවට ප්‍රදේ­ශ­වල පුද්ග­ල­යන් දස­ද­හ­ස­කට වැඩි පිරි­සක් මේ වන විට පරී­ක්ෂා­වට ලක් කැර ඇති බවත්ය.  ඉන් 120 දෙන­කුට වෛර­සය ආසා­ද­නය වී ඇතැයි ප්‍රාන්තයේ කම්කරු ඇමැති සයීඩ් ගානි ප්‍රකාශ කැර තිබේ. කරච්චි නග­රයේ තවත් ජනා­කීර්ණ පළා­තක් වන ලන්දි ප්‍රදේ­ශ­යේදී සේවක සමාජ ආර­ක්ෂණ ආය­ත­නය සිදු කළ තවත් පරී­ක්ෂා­ව­කදී HIV  ආසා­දි­ත­යන් 10 දෙනකු හඳු­නා­ගෙන ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කැර ඇති බව Cyber World Press සඳහාන් කරයි.

HIV වයි­ර­සයේ ව්‍යාප්ති­යට හේතුව සොයා ගැනී­මට මේ වන විට අභ්‍ය­න්තර පරි­ක්ෂණ දෙකක් සින්ද් ප්‍රාන්ත රජය සිදු කැර ඇති අතර, එම­ඟින් ආසා­ද­නය වැලැ­ක්වීමේ නිසි ක්‍රම­වේද අනු­ග­ම­නය නොකි­රීම,  ප්‍රමා­ණ­වත් ලෙස ආර­ක්ෂිත උප­ක­රණ භාවිත නොකි­රීම සහ එක් වරක් පම­ණක් භාවිත කළ යුතු සිරින්ජ යළි පරි­හ­ර­ණය කිරීම ඇතුළු බර­ප­තළ අඩු­පාඩු රැසක් අනා­ව­ර­ණය වී තිබේ.

 සින්ද් ප්‍රාන්තයේ කාර්මික වෙළෙඳ ජන­ප­දයේ පදිංචි දරු­වන් අතර  HIV ආසා­ද­න­යක් පැතිරී යන බව පළ­මුව නිරී­ක්ෂ­ණය වී ඇත්තේ 2025 නොවැ­ම්බ­ර­යේදී වන අතර, එහිදී සිදු කැර ඇති පළමු පරී­ක්ෂණ වාර්තා­වෙන් හෙළි වී ඇත්තේ කුල්සුම් බායි වලීකා රෝහලේ ළමා රෝග අංශයේ ප්‍රති­කාර ලැබූ දරු­වන් 16 දෙන­කුට HIV  වයි­ර­සය ආසා­ද­නය වී ඇති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp