
සම්මත කර දෙන නීතියකින් පළාත් සභා ඡන්දය පැවත්වීමට සුදානම් බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙම අදහස් පවසා ඇත්තේත් පළාත් සභා මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අදහස් දක්වමිනි.
පාර්ලිමේන්තුව සම්මත කැර දෙන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත.
ඇමැති විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් කරුණු ඉදිරිපත් කැර තිබේ.
මෙහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය බාධා සහ ඒවා ඉවත් කැරගත හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව කාරක සභාව දැනුවත් කළ බව සඳහන්වේ.
එමෙන්ම, කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති ප්‍රතිපාදන අනුව ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කැර තිබේ.
මෙම රැස්වීමට නියෝජ්‍ය ඇමැතිවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් සහ මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි එක්ව සිටියහ.
(සටහන | ගිම්හාන් ද සිල්වා)
