
රටවල් 150කට වැඩි ප්‍රමානයක් සමඟත්, 30කට වැඩි ජාත්‍යන්තර සංවිධාන සමඟත් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැඟීම සඳහා වු සහයෝගිතා ලියවිලිවලට චීනය අත්සන් තබා ඇත.
චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ කලාපීය විවෘතභාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ Liang Linchong ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැඟීමේ දී, චීනය ලෝකයේ රටවල්වලින් 75%ක් සහ ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන රැසක් ආවරණය කැර ඇතැයි ද ඔහු එහිදී සඳහන් කෙළේය.
මේ අතර, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, ආසියාව සහ යුරෝපය අතර නව ගොඩබිම් ප්‍රවාහන කොරිඩෝවක් ආරම්භ කැර තිබේ. ඒ හරහා මේ වන විට යුවාන් බිලියන 560කට වඩා වටිනා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය 140,000කට වඩා ධාවනය කැර ඇති අතර, යුරෝපීය රටවල් 26ක නගර 237ක් වෙත ළඟා වී ඇති බව ද Liang Linchong වැඩිදුරටත් සඳහාන් කෙළේය.
චන්දන විජේකෝන්
විසින්
