
සෞදි ආරාබි අධිකරණයෙන් චෝදනා ලැබ මරණ දඩුවම නියමවී සිටි අනෝජන් සිවරාසා නිදහස් කැර ඇති බවත්, ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි.
2026 සැප්තැම්බර් 17 වැනි දින නැඟෙනහිර කලාපයේ සෞදි අභියාචනා අධිකරණයක් අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කෙරිණ. ඒ අපහාසාත්මක යැයි සැලකෙන facebook ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනාවන්ට අනුවය.
අනෝජන් සිවරාසාගේ පවුලේ ඥාතීන් ඊයේ (12) විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරින් හට තම පුත්‍රයා නිදහස් කැර ගැනීම සඳහා දැක්වූ කැපවීම වෙනුවෙන් සිය ස්තුතිය පළ කළහ.
රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් මත අනෝජන් සිවරාසා ට ලබා දුන් මරණ දඬුවම ඔක්තෝම්බර් 14 වැනි දින සවුදි අධිකරණය අහෝසි කැර ඔහු සියලු චෝදනාවලින් නිදහස් කළ බවත්, ඒ සඳහා මැදිහත් වූ සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතන හා නිලධාරීන්ටත් මේ සඳහා සෞදි අරාබියට ගිය නීතීඥ කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමිවිය යුතු බව විදේශ කටයුතු ඇමැතිවරයා පවසා ඇතැයි Cyber World Press සඳහාන් කරයි.
