Impartial news reporting for a stronger democratic society
කැස්පි­යන් මුහුදේ යාත්‍රා කළ ඉරාන නෞකා­ව­කට යුක්රේන හමු­දා­වෙන් ප්‍රහාර ! ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඉරානය කියයි

කැස්පි­යන් මුහුදේ යාත්‍රා කර­මින් තිබූ ඉරාන නෞකා­ව­කට යුක්රේන හමු­දා­වෙන් ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල කැර ඇතැයි වාර්තා වේ.

ඉරා­නය, රුසි­යාව, කස­කස්තාන්, අස­ර්බ­යි­ජාන් සහ ටර්කි­මෙ­නි­ස්තා­නය වට­ක­ර­ගත් මේ අභ්‍ය­න්තර මුහු­දේදී එල්ල කළ ප්‍රහා­රය සම්බ­න්ධව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් යුක්රේ­නය සඳ­හන් කැර ඇත්තේ, ඉරා­න­යට හමුදා උප­ක­රණ තොග­යක් ප්‍රවා­හ­නය කර­මින් තිබූ රුසි­යානු නෞකා­වක් ඉලක්ක කර­ගත් බවයි.

මැද­පෙ­ර­දිග යුද මෙහෙ­යුම් සඳහා ඉරා­න­යට රුසි­යාව සහය දෙන බවට ද යුක්රේන ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙන්ස්කි චෝදනා කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබේ. එම ප්‍රහා­ර­යෙන් නෞකාවේ කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යකු ජීවි­ත­ක්ෂ­යට පත්වී­මත් සමඟ ඉරාන රජය එරට යුක්රේන රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රීන් කැඳවා ප්‍රහා­රය සම්බ­න්ධව කරුණු විමසා ඇතැයි ද වාර්තා වේ.

ප්‍රහා­රය හෙළා දකි­මින් ඉරා­නය ප්‍රකා­ශ­යක් ද නිකුත් කැර ඇති අතර, ඊට ප්‍රති­චාර ලෙස ප්‍රති­ප්‍ර­හාර එල්ල කර­න්නේ­දැයි මෙතෙක් ප්‍රකාශ කැර නැති බව වාර්තා වේ. ටෙහෙ­රාන් අග­නු­වර සිට යුක්රේ­නයේ කීෆ් අග­නු­වර දක්වා දුර ප්‍රමා­ණය කිලෝ­මී­ටර් 2,000කට වඩා අඩු බැවින් ඉරා­න­යට මිස­යිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ හැකි­යාව පව­තින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. එහෙත් හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බු­දය හේතු­වෙන් යුක්රේ­නය සමඟ යුද ගැටු­ම­කට ඉරා­නය යොමු නොවනු ඇති බවත්, ගෝලීය යුද ගැටුම් ව්‍යාප්ත වීමේ අව­දා­න­මක්  මේ මඟින් මතු කර­න බවට වාර්තා පළ වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp