Impartial news reporting for a stronger democratic society
ඓතිහාසික රන් පදක්කමක් ! පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය රුමේෂ් තරංග අලුත් කරයි   

    

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වෙන 2026පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාවට නව කීර්තියක්ගෙන දීමට  රුමේෂ් තරංග සමත් වී ඇත.

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වීම ශ්‍රී ලංකාවේ ක්‍රිඩා ඉතිහාසයේ නව ගමනක පියවරක් බව විචාරකයෝ පවසති.  

 ග්ලාස්ගෝ ස්කොට්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තීරණාත්මක අවසන් තරගයේදී ඔහු ප්‍රදර්ශනය කළ මීටර් 89.75ක දක්ෂතාව, ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා යමින් මෙම ඓතිහාසික ජයග්‍රහණය ලබා ගැනීමට උපකාරී විය.

රුමේෂ් හට තමන්ට හිමි වූ පළමු අවස්ථාව සාර්ථක කැර ගැනීමට නොහැකි වුවද, දෙවැනි අවස්ථාවේදී මීටර 89.75ක දුරක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට හැකි විය. මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු වැනි අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp