
අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්වී ඇත. අමෙරිකාවේ තීරණාත්මක මධ්‍යකාලීන මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති සම්පූර්ණ ප්‍රතිඵල අනුව සෙනෙට් සභාව යළි අත්පත් කැර ගැනීමේ සටනේදී ද ඩිමොක්‍රටික් පක්ෂය ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගනිමින් සිටීන බව වාර්තා වෙයි.
මැතිවරණ රාත්‍රියේදී සිය පළමු අදහස් දැක්වීම සිදු කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කැර ඇත්තේ ,’මම ඡන්ද පත්‍රිකාවේ සිටියේ නැහැ, මම සිටියා නම් අපිට අතිවිශාල ජයක් හිමිවෙනවා! මේ කරුණ කෙරෙහි අවධානය යොමු කිරීම ගැන ස්තූතියි,’ යනුවෙනි.
මැතිවරණ ප්‍රතිඵල පක්ෂයට අවාසිදායක ලෙස හැඩගැහෙමින් පවතින පසුබිමක් තුළ, තමා පෞද්ගලිකව මැතිවරණ සටනේ නොසිටි බව පෙන්වා දීම හරහා මැතිවරණ පරාජයේ වගකීමෙන් මඳක් බැහැර වීමට ඔහු උත්සාහ කැර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
