Impartial news reporting for a stronger democratic society
ඊශ්‍රායලයේ දේශපාලන අර්බුදයක් : නෙතන්යාහු අගමැති ධුරයෙන් විසිවෙන ලකුණු

ඊශ්‍රායල මැතිවරණයෙන් කිසිදු ප්‍රධාන  පක්ෂයකට  හෝ සන්ධානයකට බහුතර බලයක් හිමි නොවීමත් සමඟ  නව රජයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා මේවන විට අර්බුදයකට ලක්ව තිබේ.

ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිඵල ඊයේ (03)  නිල වශයෙන් සහතික කිරීමට නියමිතව තිබුණද, ප්‍රධාන දේශපාලන සන්ධාන දෙකටම පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නව රජයක් පිහිටුවීමේ සාකච්ඡා තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතීන බව වාර්තා වෙයි.

ඔක්තෝබර් 27 වැනිදා පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් දක්ෂිණාංශික සන්ධානයට පාර්ලිමේන්තු ආසන 53ක් හිමිව තිබේ.එමෙන්ම, හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුත් සියොන්වාදී විපක්ෂ සන්ධානයට ආසන 48ක් හිමිව ඇත.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන ක්නෙසෙට් (Knesset) හි මුළු ආසන සංඛ්‍යාව 120ක් වන අතර, රජයක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 61ක බහුතරයක් අවශ්‍ය වේ.

ඉතිරි ආසන 19 අරාබි නායකත්වයෙන් යුත් දේශපාලන ලැයිස්තු දෙකක් වන ඒකාබද්ධ ලැයිස්තුව (Joint List) සහ රාම් (Ra’am – United Arab List) අතර බෙදී ගොස් තිබේ.

මෙම ප්‍රතිඵල හමුවේ ප්‍රධාන සන්ධාන දෙකටම තනිව රජයක් පිහිටුවීමේ හැකියාව අහිමි වී ඇති අතර, ඉදිරි දේශපාලන සාකච්ඡාවලදී කුඩා පක්ෂවල සහාය තීරණාත්මක සාධකයක් වනු ඇත.

ඒ අනුව, නෙතන්යාහුගේ දේශපාලන අනාගතය මෙන්ම ඊශ්‍රායලයේ මීළඟ රජයේ නායකත්වය කවුරුන් සතු වේද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය වී  ඇති බව අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp