
ඉරානයට එරෙහි යුද මෙහෙයුම්වලදී අමෙරිකාවට සහ ඊශ්‍රායලයට “තීරණාත්මක පහරක්” එල්ල කළ බව ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා මොජ්ටබා කමේනි ප්‍රකාශ කැර ඇතැයි ටෙහේරාන් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
ඉරානයේ ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ අයතොල්ලා රුහොල්ලා කොමේනි අනුස්මරණ කිරීමේ උත්සවයක් වෙනු පණිවිඩයක් නිකුත් කරමින් අයතොල්ලා මොජ්ටබා කමේනි මෙම අදහස් පළ කැර ඇත.
යුද්ධය අවසන් කිරීම සහ හෝර්මුස් සමුද්‍ර මාර්ගය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලින් මෙතෙක් සැලකිය යුතු ප්‍රගතියක් නොමැති බව ඉරාන රජයේ ස්ථාවරය බව හේ ප්‍රකාශ කැර තිබේ.
මේ අතර, ඉරානයේ සතුරන් ජනතාව අතර සැකය, බිය සහ බෙදීම් ඇති කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ කමේනි, එවැනි උත්සාහයන් පරාජය කිරීම සඳහා ජාතික එකමුතුව අවශ්‍ය බව දැඩි සේ අවධාරණය කළ බව Cyber World Press විශේෂ නියෝජිත කියයි.
අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ අවස්ථාවේදී තුවාල ලැබූ බවට වාර්තා වන කමේනි, එතැන් සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර, මෙවර අනුස්මරණ උත්සවයේදී ඔහු වෙනුවෙන් ඔහුගේ ඡායාරූපය සහිත හිස් පුටුවක් තබා තිබූ බව Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
