
දශක දෙකකට වැඩි කාලයකට පසු අමෙරිකාව තුළ සරම්ප රෝගීන් දින පතා වැඩි වෙමින් පවතින බව වාර්තා වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පෑන් අමෙරිකානු සෞඛ්‍ය සංවිධානය (PAHO) නිවේදනය කැර ඇත්තේ රට තුළ මාස 12කට වැඩි කාලයක් එකම වර්ගයේ සරම්ප වෛරස ප්‍රභේදයක් අඛණ්ඩව සම්ප්‍රේෂණය වීම ඊට හේතුවී ඇති බවය.
මේ වසර ඇතුළත පමණක් අමෙරිකාවෙන් සරම්ප රෝගීන් 5,400ක් සහ මරණ 10ක් වාර්තා වී ඇති අතර, එය 1990 දශකයෙන් පසු එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද වේ. අලුත උපන් බිළිඳුන් ඇතුළු අවදානම් කණ්ඩායම් ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය 95% මට්ටමේ පැවතිය යුතු වුවත්, මේ වන විට අමෙරිකාව පුරා සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා එන්නත්කරණ අනුපාතය 92.4% දක්වා පහත වැටී ඇතැයි එරට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබේ.
විශේෂයෙන් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැතිර ගිය සරම්ප වසංගතය පුද්ගලයන් 1,400කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර, ඉන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද වාර්තා වේ.

අමෙරිකාවට අමතරව මෙක්සිකෝවට සහ බොලිවියාවට ද එම තත්ත්වය අහිමි වී ඇති අතර, බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව, රුසියාව, අසර්බයිජානය සහ උස්බෙකිස්තානය රටවලට ලැබී තිබූ සරම්ප රහිත තත්ත්වය ද මේ වසර මුලදී අහිමි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
