Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප් – ෂී – පුටින් එකම මේසේදී හමු වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නුවරදී  අද (19) තීරණාත්මක ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක්  පැවැත්වීමට නියමිතව ඇති බව Cyber World Press වාර්තාකරු සඳහාන් කරයි.

පිලිපීනයේ මැනිලා නුවරදී කලාපීය මිතුරන් හමුවීමෙන් පසු චීනයට ළඟා වූ ට්‍රම්ප් පිළිගැනීමට ජනාධිපති ෂී ජින්පින් පෞද්ගලිකවම ගුවන්තොටුපළට පැමිණ සිටියේය.

ෂී ජින්පින් බලයට පත්වීමෙන් පසු විදේශීය නායකයෙකු ගුවන්තොටුපළේදී පිළිගත් පළමු අවස්ථාව මෙයයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ට්‍රම්ප් තමන්ට අමෙරිකාවේදී ලබාදුන් ගෞරවයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඔහු මෙලෙස කටයුතු කැර ඇති බව වාර්තා වෙයි.

දෙදෙනා කෙටි වැළඳගැනීමකින් පසු සුහදව අදහස් හුවමාරු කරගත් අතර, ෂී සමඟ පැවැත්වෙන සෑම හමුවක්ම ඉතා ප්‍රසන්න බව ට්‍රම්ප්  පවසා ඇත.

මීට හාත්පසින්ම වෙනස් අයුරින්, සමුළුවට පැමිණි ජපාන අගමැති සනායි ටකයිචි (Sanae Takaichi) හට කිසිදු පිළිගැනීමේ උත්සවයකින් තොරව කෙලින්ම මෝටර් රථය වෙත යොමු කිරීමට චීනය පියවර ගෙන තිබුණි. තායිවානයට චීනයෙන් එල්ල වන බලපෑම් හමුවේ ජපාන හමුදා යෙදවිය හැකි බවට ඇය මීට වසරකට පෙර කළ ප්‍රකාශය දෙරට අතර මෙම විරසකයට හේතු වී ඇතැයි Cyber World Press වාර්තාකරු සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp