
සියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව (APEC) පැවැත්වීමට පැය කිහිපයකට පෙර චීන සහ රුසියානු නායකයන් බටහිර ආර්ථික ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක් කළ බව චීනයේ සිටින Cyber World Press වාර්තාකරු සඳහාන් කරයි.
සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කෙළේ ලෝක වෙළෙඳපොළ සැමට විවෘතව තැබිය යුතු බවයි.
අමෙරිකාව ආනයන බදු ඉහළ දැමීම සහ ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදකයා වන ‘Nvidia’ සමාගමේ නවීන තාක්ෂණය චීනයට ලැබීම තවදුරටත් සීමා කිරීමට ගත් තීරණයට චීනය දැනටමත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටී.
චීනය සිය නිෂ්පාදන අංශයට පමණක් වැඩි වාසි සලසමින් වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවන වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන බවට බටහිර රටවල් චෝදනා කරයි. ඊට පිළිතුරු දෙමින් බීජිං පාලනය පවසන්නේ ලොව ධනවත්ම රටවල් හා කරට කර සිටීමට නම් තමන්ට මෙම ආර්ථික ආකෘතිය අත්‍යවශ්‍ය බවයි.
මේ අතර , යුක්රේනය ක්රිමියාව යා කරන වැදගත් ‘කර්ච් පාලම’ (Kerch bridge) අඩපණ කරමින් රුසියාවට දැඩි ප්‍රහාරයක් එල්ල කැර ඇති පසුබිමක වේදිකාවට පැමිණි ජනාධිපති පුටින්, බටහිර බලවතුන් හඳුන්වා දුන්නේ “පැරණි ආධිපත්යධාරීන්” ලෙසිනි.
යුරෝපය නින්දිත ලෙස පරිහානියකට පත්ව ඇති බවත්, යුක්රේන යුද්ධය නිසා රුසියාවට පැනවූ සම්බාධක බටහිර රටවලටම පාරාවළල්ලක් වී ඇති බවත් පුටින් පෙන්වා දී ඇත.
“සම්බාධක සහ තීරුබදු මඟින් තරගකාරී ආර්ථිකයන් බිඳ දැමීමට නොහැකි බව අත්දැකීමෙන් ඔප්පු වී තිබෙනවා,” යැයි පුටින් සඳහන් කෙළේය.
