
- මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2,400 ඉක්මවා ගොස් ඇති බව මාර්ග රථවාහන අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව පවසයි.
- මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර සඳහන් කළේ, නොවැම්බර් 15 වැනිදා වන විට මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,414 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
- මෙය මසකට මරණ 230ක් පමණ සිදුවීමට සමාන වන බව පෙන්වා දුන් ඔහු, මෙම මරණ සංඛ්‍යාව ඉතා බරපතල තත්ත්වයක් බව සඳහන් කෙළේය.
- මියගිය අයගෙන් 1,000කට අධික පිරිසක් යතුරුපැදි ධාවකයින් හෝ එහි ගමන් ගත් මගීන් වන අතර, 800කට අධික පිරිසක් පදිකයින් වේ.
ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මෙම වසරේ මේ දක්වා කාලය තුළ 2,400 ඉක්මවා ගොස් ඇති බව මාර්ග රථවාහන අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව පවසයි.
එම කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කැර ඇත.
නොවැම්බර් 15 වැනිදා වන විට මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2,414 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එය මසකට මරණ 230ක් පමණ වන බවත්, මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම අනතුරුවලට ගොදුරු වූවන්ගෙන් බහුතරය යතුරුපැදිකරුවන් සහ පදිකයන් වේ.
මියගිය අයගෙන් 1,000කට අධික පිරිසක් යතුරුපැදිකරුවන් හෝ එහි ගමන් කළ මගීන් වන අතර, 800කට අධික පිරිසක් පදිකයන් වේ. මේ දක්වා වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාවෙන් 2,000කට ආසන්න ප්‍රමාණයක් මෙම කණ්ඩායම් දෙකෙන් පමණක් සමන්විත වන බව ඔහු පැවසීය.
වර්තමාන තත්ත්වය මෙලෙසම දිගටම පැවතියහොත්, වසරේ ඉතිරි මාස එකහමාරක කාලය තුළ තවත් පුද්ගලයන් 350 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්විය හැකි බවට වෛද්‍ය තුෂාර අනතුරු ඇඟවීය.
මෙම මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සඳහා බලධාරීන්ගේ සහ මහජනතාවගේ සාමූහික ප්රයත්නයක් අවශ්‍ය බව ඔහු අවධාරණය කෙළේය.
