Impartial news reporting for a stronger democratic society
බංග්ලා­දේශය සයි­බර් පනත සංශෝ­ධ­නය කරයි ! අන්ත­ර්ජා­ල බොරු පුවත්වලට වසර 10ක සිර දඬු­වමක්
  • බංග්ලා­දේශ සයි­බර් ආර­ක්ෂණ පනත් කෙටු­ම්පත සංශෝ­ධ­නය කරයි
  • තහ­වුරු නොකළ තොර­තුරු ප්‍රචා­රය කිරීම අප­රා­ධ­මය වර­දක්
  • වර­දට වසර 10ක සිර දඬු­වමක් හෝ එරට මුද­ලින් ටකා මිලි­යන 4ක දඩ­යක් හෝ එම දඬු­වම් දෙකම

අන්ත­ර්ජා­ලයේ සාවද්‍ය පුවත් පතු­රු­ව­න්නන්ට වසර 10ක සිර දඬු­වමක් නියම කිරීම සඳහා සයි­බර් ආර­ක්ෂණ පනත් කෙටු­ම්පත සංශෝ­ධ­නය කිරී­මට බංග්ලා­දේශ රජ­ය­  සුදානම් වන බව එරට නේත්‍රා පුවත් සේවය වාර්තා කරයි.

තහ­වුරු නොකළ තොර­තුරු ප්‍රචා­රය කිරීම අප­රා­ධ­මය වර­දක් බව බංග්ලා­දේශ රජ­ය­ තිරණය කැර තිබේ.  

 එම යෝජනාවට අනුව අන්ත­ර්ජා­ලය ඔස්සේ කට­කතා සහ සාවද්‍ය තොර­තුරු ප්‍රකාශ කිරීමේ හෝ ව්‍යාප්ත කිරීමේ වර­දට වසර 10 දක්වා සිර දඬු­වම් හෝ එරට මුද­ලින් ටකා මිලි­යන 4ක දඩ­යක් හෝ එම දඬු­වම් දෙකම ලබා දීමට නියමිත බව  ද වාර්තා වේ.

මේ කෙටු­ම්පත් සංශෝ­ධ­නය මඟින් අප­හාස කිරීම, අව­මන් කිරීම සහ හිරි­හැර කිරීම යනාදී වැර­දි­ව­ලට දඬු­වම් ලබා­දීම තව­දු­ර­ටත් පුළුල් කැර ඇති අතර, අදාළ නීතිය ක්‍රියා­ත්මක කරන නිල­ධා­රින්ට එරෙ­හිව නඩු පැවැ­රීම වැළැ­ක්වීම සඳහා ඔවුන්ට නීති­මය රැක­ව­ර­ණය ලබා දීමට ද අවධානය යොමුවී තිබේ.

එම සංශෝ­ධන මඟින් රජය උත්සහ කර­නුයේ මාධ්‍ය මර්ද­න­ය කිරීම නොව සමාජ සංහි­ඳි­යාව ආරක්ෂා කිරී­මට බවත්, මාධ්‍ය­වේ­දීන්ට එරෙ­හිව භාවිත කළ අපැ­හැ­දිලි වගන්ති ඉවත් කිරීම සඳහා කෙටු­ම්පත තව­දු­ර­ටත් සංශෝ­ධ­නය කර­මින් සිටින බවත් තොර­තුරු හා විකා­ශන ඇමැති අන්ද­ලීව් රහ්මාන් ප්‍රකාශ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp