Impartial news reporting for a stronger democratic society
නේපාලයේ නැවතත්  නෑයයෑම්! පුද්ගලයන් 30ක් ජීවිතක්ෂයට

නේපාලයට  මේ වන විට  ඇතිව ඇති අධික වර්ෂාව සහ නායයෑම් නිසා  පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි Cyber World Press වාර්තා  කරයි.

අධික වර්ෂාපතනයත් සමඟ උද්ගත වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 1,900කට වැඩි ප්‍රමාණයක් අවතැන් වූ ඇති අතර, නිවාස 240කට පමණ හානි සිදු වූ බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කැර තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් මහා මාර්ග, ගොඩනැඟිලි සහ පාලම් විනාශ වී ඇතැයි ද වාර්තා වේ. අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් එරට ආර්ථිකයට ඉතා වැදගත් සංචාරක මාර්ගයක් වන අන්නාපූර්ණාහි ගමන් කරමින් සිටි කඳු නඟින්නන් සිය ගණනක් එම සංචාර අවලංගු කැර ඇති අතර, එම කඳු නැඟීමේ මාර්ගය පිහිටි මනාංග් සහ මුස්ටාංග දිස්ත්‍රික්කවල සිර වී සිටි පුද්ගලයන් හෙලිකොප්ටර් යානා මඟින් මුදා ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp