Impartial news reporting for a stronger democratic society
මෙරට ලක්ෂ 6කට තව­මත් ඉන්න හිටින්න තැනක් නෑ – නිවාස, ඉදි­කි­රීම් ඇමැති වෛද්‍ය සුසිල් රණ­සිංහ

මෙරට ලක්ෂ 6ක ජන­තා­ව­කට තව­මත් සුර­ක්ෂිත හෝ අර්ධ ස්ථිර නිවාස නොමැති බව නිවාස, ඉදි­කි­රීම් හා ජල­ස­ම්පා­දන ඇමැති වෛද්‍ය සුසිල් රණ­සිංහ මහතා පව­සයි.

ජන­ලේ­ඛන හා සංඛ්‍යා­ලේ­ඛන දෙපා­ර්ත­මේ­න්තුවේ නව­තම දත්ත­ව­ලට අනුව මෙරට පවුල් ලක්ෂ 61ක් ජීව­ත්වන නමුත්,  නිවාස ඒකක තිබෙන්නේ ලක්ෂ 60කට පමණි.

ඇතැම් පවු­ල්ව­ලට නිවාස දෙක බැගින් ඇති අතර ඇතැම් නිවාස ජීව­ත්වී­මට සුදුසු මට්ට­මක නොමැති බවද ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි.

මේ නිවාස අර්බු­ද­යට විස­ඳුම් ලෙස  ආණ්ඩුව නිවාස 31,000ක විශේෂ ව්‍යාපෘ­ති­යක් ආරම්භ කර ඇති අතර එහි පළමු අදි­යර යටතේ නිවාස 19,000ක් අලු­තින්ම ඉදි­කි­රීම හෝ දැනට පව­තින නිවාස නැවත අලු­ත්වැ­ඩියා කිරීම අමා­ත්‍යාං­ශය මඟින් අරඹා ඇත.

එම නිවාස 19,000 අතරින් නිවාස 12,000ක් පමණ රජයේ පූර්ණ ආධාර යටතේ අලු­තින්ම ඉදි­කි­රී­මට නිය­මිත අතර ඉතිරි කොටස සහ­න­දායී ණය ආධාර යටතේ ලබා­දී­මට කට­යුතු යොදා ඇති බවද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කෙළේය.

දිනමිණ – රන්මලී සෝම­සිරි

Follow by Email
LinkedIn
Share
WhatsApp