
සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් වෙත සහාය දැක්වීමට බැඳී සිටිය යුතු බව ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් ප්‍රකාශ කැර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කැර ඇත්තේ එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය අමතමිනි.
ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් තවදුරටත් මෙසේ පවසා තිබේ.
ඉන්දියාව ගෝලීය මට්ටමෙන් වේගයෙන් ඉදිරියට ගමන් කරන අතරතුරදීම සිය ගෝලීය වගකිම් ඉටු කිරීමට කැපවී සිටිනවා.ගෝලීය පොදු ප්‍රගතිය උදෙසා ඉන්දියාව රටවල් 78ක ප්‍රධාන ඉන්දීය සංවර්ධන ව්‍යාපෘති 600ක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
ඉන්දියාව ප්‍රගතිය කරා යන ගමනේදී අප්‍රිකානු රාජ්‍යයන් සහ කුඩා දූපත් රාජ්‍යයන් ප්‍රමුඛතම පාර්ශ්වකරුවන් වී තිබෙනවා.සිය ව්‍යාපෘති තුළින් එම රටවල යටිතල පහසුකම්, නිෂ්පාදන ක්ෂේත්‍රය, කෘෂි කර්මාන්තය හා තොරතුරු තාක්ෂණය වැනි තීරණාත්මක ක්ෂේත්‍ර ආවරණය කරනවා.
අර්බුදකාරී අවස්ථාවලදී පළමුව ප්‍රතිචාර දක්වන රටක් ලෙස ඉන්දියාවේ ඉතිහාසය සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කැර ඇත්තේ නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය, වෙනිසියුලාවේ භු කම්පනය ඇතුළු ස්වභාවික විපත්වලදී සහ වසංගත අවස්ථාවලදී කඩිනම් සහාය ලබා දීමට ඉන්දියාව මැදිහත් වුණා. මේ වන විට ගෝලිය ආරක්ෂව අභියෝගයට ලක් වී තිබෙනවා. ගල්ෆ් කලාපයේ, රතු මුහුද සහ කළු මුහුද ඇතුළු තීරණාත්මක නාවික මාර්ග ඔස්සේ යාත්‍රා කරන වෙළෙඳ නෞකා සහ නාවිකයන් ඉලක්ක කරමින් මෑතකදී සිදු වූ ප්‍රහාර හා බාධා කිරීම් ඉන්දියාව තරයේම හෙළා දකින බව තවදුරටත් පෙන්වා දුන්නේය.
