
2026 ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ ශූරතාවලිය මේ දිනවල දෝහා කටාර් රාජ්‍යයේ 🇶🇦 හිදී පැවත්වේ.
එහි දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිඳු ලියනගෙදර කිලෝගෑම් 60KG බර පන්තියේ සමස්ථ බර කිලෝගෑම් 237KG ඔසවමින් රන් පදක්කම දිනාගත් අතර, සබරගමුව විශ්වවිද්‍යාලයේ නිපුන් දිසානායක කිලෝගෑම් 65KG බර පන්තියේ සමස්ථ බර කිලෝගෑම් 220KG ඔසවමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.
ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ඉතිහාසයේ කුමන හෝ ක්‍රීඩාවක ශ්‍රීලාංකික ක්‍රීඩකයකු දිනාගත් පළමු පදක්කම් ලෙස ඉතිහාසයට එක්වීම විශේෂයත්වයකි. මෙම ශූරතාවලිය සඳහා කණ්ඩායම් කළමනාකරු සහ පූණුකරු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය උපදේශක සුජාන් වල්ගම්පාය මහතා සහභාගි වෙයි.

සමීර මදුසංක හේවා ගමගේ
