
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන සියදිවි නසාගැනීම් සංඛ්‍යාව පසුගිය දශක කිහිපයේ සංඛ්‍යාලේඛනවලට අනුව,3,100ත් 3,500ත් අතර අගයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය එරංග රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
ලොව පුරා එම සංඛ්‍යාව 720,000 ඉක්මවන අතර, සෑම තත්පර 40කට වරක්ම එක් සියදිවි නසාගැනීමක් සිදුවන බව ද ඇය සඳහන් කළාය.
සියදිවි නසාගැනීම් හේතුවෙන් අහිමි වන ජීවිත බේරා ගැනීමට සමාජයට වගකීමක් මෙන්ම හැකියාවක් ද පවතින බව වෛද්‍ය රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළාය. මානසිකව ශක්තිමත් සහ කුසලතාපූර්ණ තරුණ පරපුරක් ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් ක්‍රියාත්මක කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය
