
නේපාලයේ හිමාලය ආසන්නයේ පසුගියදා හටගත් විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් චීන – ටිබෙට් ස්වයංපාලන කලාපයේ දැවැන්ත ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි Cyber World Press වාර්තා කරයි.
2030 වසරේදී වැඩ අවසන් වීමෙන් පසු ගිගාවොට් 60ක පමණ විදුලි බලයක් උත්පාදනය කිරීමට සැලසුම් කැර තිබණි.
2025 වසරේ ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 167ක වියදමින් මෙම දැවැන්ත ජල විදුලි ව්‍යාපෘතියේ ඉදි කිරිම් ආරම්භ කැර තිබේ.
ටිබෙට් කලාපයේ විශාලතම ගංගාව සහ චීනයේ පස්වැනි විශාලතම ගංගාව ලෙස සැලකෙන යාර්ලංග් සැංග්පෝ ගංගාවේ පහළ කොටසේ ඉදි කරන ජල විදුලි බලාගාර 5කින් සමන්විත එම වේල්ල සක්‍රිය භූ කම්පා පිහිටා ඇති ප්‍රදේශයක් ඔස්සේ සිදුවන බැවින් විශාල මිනිස් ජීවිත අවදානමක් පවතින බවට සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළ බව Cyber World Press සඳහාන් කරයි.
ටිබේට් කලාපය හරහා ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය හරහා ගලා බසින එම ගංගාව මැදි කරමින් ජල විදුලි ව්‍යාපෘතියක් සිදු වීමෙන් අනියත බියක් ඇති කැර නොගන්නා ලෙස චීන භූ විද්‍යාඥයන් ප්‍රකාශ කැර ඇත. එම ව්‍යාපෘතිය ආසන්නයේ නාය යෑම් හා පස් කඩා වැටීම් අවම කිරීම සඳහා කඳු බෑවුම්වල ස්ථායිතාව ශක්තිමත් කිරීමටත්, ආරක්ෂිත පියවර ගැනීමටත් ඉදිකිරීම් සමාගම්වලට උපදෙස් දී තිබේ.
