Impartial news reporting for a stronger democratic society
පාකි­ස්තා­න­යට ලබා දී ඇති GSP + සහ­නය අහි­මි­ වීමේ අව­දා­න­මක් ! – ඩෝන් පුවත් සේවය කියයි

යුරෝපා සංග­ම­යෙන් පාකි­ස්තා­න­යට ලබා දී ඇති GSP + සහ­නය අහි­මි­ වීමේ අව­දා­න­මක් මතු වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කැර තිබේ.

 වසර 2014 සිට හඳුන්වා දුන් මේ සහ­නය මඟින් පාකි­ස්තාන ආර්ථි­ක­යට ඉම­හත් ප්‍රති­ලාභ ලැබී ඇති අතර, තව­දු­ර­ටත් අඛ­ණ්ඩව වෙළෙඳ සහන ලබා ­ගත හැකියැයි උප­ක­ල්ප­නය කළ නොහැකි බව යුරෝපා සංග­මය අන­තුරු අඟවා තිබේ.
දැනට පව­තින ජීඑස්පී ප්ලස් සහන යෝජනා ක්‍රමය මේ වසර අව­සා­න­යේදී අව­සන් වීමට නිය­මිත අතර, පාකි­ස්තා­නයේ උත්සා­හය වී ඇත්තේ දැඩි කොන්දේසි සහිත ඊළඟ අදි­යර සඳහා ප්‍රවේ­ශ­වී­මට බව ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මේ වන විට එරට උද්ගත වී ඇති ආග­මික සුළු­තර ප්‍රජා­වගේ අයි­ති­වා­සි­කම් ඇතුළු මානව හිමි­කම් සුරැ­කීමේ ගැට­ලුව විස­ඳී­මට පාකි­ස්තාන රජය අස­මත් වුව­හොත් ජීඑස්පී ප්ලස් සහ­නය තව­දු­ර­ටත් නොලැ­බෙනු ඇතැයි පාකි­ස්තා­නයේ යුරෝපා සංගම් තානා­පති රයි­මු­න්ඩාස් කාර්බ්ලිස් අන­තුරු ඇඟවූ බව වාර්තා වේ. පාකි­ස්තා­නය නැවත ජීඑස්පී සහ­නය අය­දුම් කිරී­මේදී එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් සම්මු­තීන් ක්‍රියා­ත්මක කිරිම තීර­ණා­ත්මක සාධ­ක­යක් විය හැකි බව ද ඔහු සඳ­හන් කැර තිබේ.

මේ අව­දා­නම මතු වී ඇත්තේ පාකි­ස්තා­නයේ ක්‍රිස්ති­යානි සහ අනෙ­කුත් ආග­මික සුළු­ත­ර­යන්ට දක්වන සැල­කිල්ල සම්බ­න්ධව ආග­මික නිද­හස වෙනු­වෙන් පෙනී සිටින මානව හිමි­කම් ක්‍රියා­කා­රි­ක­යන් දැඩි කන­ස්සල්ල පළ කර ඇති අව­ස්ථා­ව­කදී බව ද වාර්තා වේ. විශේ­ෂ­යෙන් ආග­මික අප­හාස චෝදනා, බල­හ­ත්කා­ර­යෙන් ආගම වෙනස් කර­වීම්, ළමා විවාහ, සුළු­තර ප්‍රජා­වගේ ආග­මික ස්ථාන­ව­ලට පහ­ර­දීම සහ නීතිය ප්‍රායෝ­ගි­කව භාවිත කිරි­මේදී සිදු­වන වෙන­ස්කම් පිළි­බඳ පාකි­ස්තාන රජ­යට මානව හිමි­කම් ක්‍රියා­කා­රි­ක­ය­න්ගෙන් දැඩි චෝදනා එල්ල වී තිබේ.
වත්මන් ජීඑස්පී ප්ලස් යෝජනා ක්‍රමය යටතේ යුරෝපා සංග­මය වෙත සිදු­වන අප­න­ය­න­යන් සඳහා පාකි­ස්තා­න­යට විශාල තීරු­බදු සහන හිමි­වන අතර, එම­ඟින් ලැබෙන ප්‍රති­ලා­භය යුරෝ මිලි­යන 732ක් පමණ වන බවට ඇස්ත­මේන්තු කර තිබේ.(දිනමිණ)

මානව හිමි­කම්, කම්කරු අයි­ති­වා­සි­කම්, පරි­සර ආර­ක්ෂ­ණය, දේශ­ගු­ණික විප­ර්යාස සහ යහ­පා­ල­නය පිළි­බඳ ජාත්‍ය­න්තර සම්මු­තීන් ක්‍රියා­ත්මක කිරිම ඇතුළු කොන්දේසි ගණ­නා­වක් එම යෝජනා ක්‍රමය සමඟ බැඳී පව­තින අතර, ජීඑස්පී ප්ලස් සහ­නය ලබා ­ගැ­නීමට දැනට එකඟ විය යුතු කොන්දේසි 27 වෙනු­වට ඉදි­රි­යේදී යෝජිත නව පද්ධ­තිය යටතේ එම කොන්දේසි ගණන 32 දක්වා ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp