
නේපාල – ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ජල ගැලීම් සහ මඩ ප්‍රවාහ හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් ඇතැයි Cyber World Press වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 1,400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
කෙසේ නමුත්, නේපාල සහ චීනය අතර දේශසීමා කලාපයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට දෙරටේ බලධාරීන් පියවර ගෙන ඇතැයි Cyber World Press වාර්තා කැර ඇත..
ගංවතුර අතරතුර ඇති වූ බව කියන ‘බාධක විලක්’ (barrier lake) පිටාර ගැලීමට පටන් ගැනීම හේතුවෙන් මෙලෙස මෙහෙයුම් නවතා දමා ඇති බව සඳහාන් වෙයි.
