Impartial news reporting for a stronger democratic society
‘බාධක විලක්’  පිටාර ගැලීමෙන් නේපාල – චීන දේශසීමාවේ විපතට පත්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් අත්හිටුවයි !

නේපාල සහ චීනය අතර දේශසීමා කලාපයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට දෙරටේ බලධාරීන් පියවර ගෙන  ඇතැයි Cyber World Press වාර්තා කරයි.

ගංවතුර අතරතුර ඇති වූ බව කියන ‘බාධක විලක්’ (barrier lake) පිටාර ගැලීමට පටන් ගැනීම හේතුවෙන් මෙලෙස මෙහෙයුම් නවතා දමා ඇති බව වාර්තා  වෙයි.

විල පිටාර ගැලීමේ අවදානම ඉහළ යෑමත් සමඟ චීන ගලවා ගැනීමේ කණ්ඩායම් සහ එම මෙහෙයුම් සඳහා යොදාගත් වාහන ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් කැර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කැර තිබේ.

මේ අතර, නේපාල බලධාරීන්ද ආරක්ෂක හේතූන් මත සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් විනාඩි 90ක පමණ කාලයක් සඳහා අත්හිටුවා ඇති බව නේපාල හමුදා නිලධාරියෙකු තහවුරු කැර තිබේ.

දේශසීමා කලාපයේ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් කණ්ඩායම්වල ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කැර ඇති අතර, තත්ත්වය යහපත් වූ පසු සෝදිසි සහ ගලවා ගැනීමේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp